අපි නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයන් ගැන ගොඩ දෙනෙක් විශ්වාස නොකළත් සමහර අවස්ථාවල ඒ දෙවල් ගැන අකමැත්තෙන් හරි විශ්වාස කරන්න වෙන සිදුවීම් අපිට සිද්ධ වෙනවා වගේම ඒ වගේ සිදුවීම් ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. මේකේ විශේෂත්වය තමයි මේ දරුවා ඉපදිලා තියෙන්නේ අපේම රටේ වෙන එක. ඒ අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ.
ඔහුට කුඩා කාලයේ ඉඳන්ම තිබුණු ලෙඩක් තමයි තමන්ගේ අත හපාගෙන කාලා ලේ එන දිහා බලන් ඉන්න එක. මුලින්ම මේ දරුවාගේ දෙමාපියන් අත තුවාල වෙලා තියෙනවා දැක්කම හිතලා තියෙන්නේ මොකෙක් හරි සතෙක් නිසා මේක සිද්ධ වෙලා කියලා. ඒත් දවස් දෙක තුනක්ම මේ දේ ගැන හොයලා බලපුවාම තමයි වෛද්‍යවරු ඇත්ත මොකක්ද කියලා හොයාගෙන තියෙන්නේ. සතෙක් කාලාවත් අනතුරක් නිසාවත් නෙවෙයි තමන්ගේම දත්වලින් හපලා සිද්ධවුණු තුවාල තමයි මේ අතේ තියෙන්නේ කියපුවාම දෙමාපියන් දෙන්නා පුදුම වෙලා.
ඒත් මේ දේ සිද්ධවෙන්නේ කොහොමද කියලා කාටවත් හොයාගන්න බැරිවෙලා. පස්සේ වෛද්‍යවරු ළඟට ගියාම ඒ අය කියලා තියෙන්නේ ස්නායුවල තියෙන ප්‍රශ්නයක් නිසා තමයි මේ ළමයා තමන්ගේම අත හපාගෙන කාලා ලේ දිහා බලාගෙන ඉන්නේ කියලා. මේකට කරන්න වෙන පිළියමක් නැති තැන තුවාල වුණු අත් දෙකට බැන්ඩේච් දාලා වහන්න මේ අයට කටයුතු කරලා තියෙනවා.
ඊට පස්සේ මේ ළමයා කරලා තියෙන්නේ තමන්ගේ තොල්පට හපාගෙන කාපු එක. ඇඟ පුරාම ලේ පෙරාගෙන ඉන්න තමන්ගේ දරුවාව ආයෙත් රෝහලට එක්ක ගිය දෙමව්පියෝ ඔහුට ප්‍රතිකර්මයක් නැතිම තැන කරලා තියෙන්නේ දේවාල ගාන ගිහින් මේ ගැන පුද පූජා පවත්වපු එක.
ඒත් ඒ කාටවත් මේ ළමයට සිද්ධවෙන තමන්ව හපාගෙන කාලා ජීවත්වෙන පුරුද්ද නැතිකරන්න බැරිවෙලා. කොහොමහරි මේ විදියට සිද්ධවුණු විපතින්ම මේ දරුවා ලෝකේ දාලා යන්නේ මීට පෙර ලංකාවේ කිසිම තැනන සිද්ධ නොවුණු සිදුවීමක මතක සටහන් ඉතිරි කරලා. ඒ වගේම දේවාලයක පුද පූජා කරන කෙනෙක් අන්තිමට මේ ළමයට මොකක්ද වුනේ කියලා හොයාගත්තා. ඔහු කියන විදියට අදෘශ්‍යමාන බලවේගයක් තමයි ළමයාව මේකට බලෙන්ම පොළඹවලා තියෙන්නේ.
ගමේ හැමෝම කියන්නේ ඔහුට ආවේශ වුණු යක්ෂයෙක් මේ දේ සිද්ධ කළා කියලයි. ඒ සම්බන්ධයෙන් නිර්මාණය වුණු වැඩසටහන පහතින් බලන්න..