ප්‍රධාන පුවත් සිරස්තල

Tuesday, January 26, 2016

යෝෂිත නාවික හමුදාවට බඳවාගෙන ඇත්තේ මූලික අධ්‍යාපන සුදුසුකම් නොමැතිව බවට කරුණු


ලුතිනන් යෝෂිත රාජපක්ෂ 2006 වසරේදී නාවික හමුදාවට බඳවාගෙන ඇත්තේ එකී තනතුරට අදාළව මූලික අධ්‍යාපන සුදුසුකම් නැතිව බව පාර්ලිමේන්තුවේදී හෙළි කෙරුණා.අධ්‍යාපන සුදුසුකම් නැතිව යෝෂිත රාජපක්ෂ බඳවාගෙන ඇත්තේ ඔහුගේ පියා එවකට විධායක ජනාධිපති නිසාත් මේ බඳවා ගැනීම තුළින් ත්‍රිවිධ හමුදාවට තරුණයන් ආකර්ෂනයකර ගැනීමට බවත් උපකල්පනය කළහැකි බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. 2006 වසරේ දෙසැම්බර් මාසයේ නාවික හමුදාවට බැඳුනු යෝෂිත රාජපක්ෂ වසර තුනක් තුළ විවිධ විදෙස් පාඨමාලා පහකට සහභාගීවී තිබෙනවා. මේ සඳහා රජය වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ දෙසිය විස්සකට ආසන්නයි.යෝෂිත රාජපක්ෂට එරෙහිව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කළ නාවික හමුදාව එම වාර්තාව මේ වනවිට අදාළ අංශවලට යොමුකර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා


Post a Comment

 
Copyright © 2014 24x7 News. Designed by OddThemes