ප්‍රධාන පුවත් සිරස්තල

Thursday, January 28, 2016

මාවතගම 13 හැවිරිදි දැරිය ඝාතනයට සැකපිට 3 ක් අත්අඩංගුවට


මාවතගම තල්ගස්පිටිය ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම පුද්ගලයන් සිද්ධියට අදාළව සැකපිට ප්‍රශ්ණ කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ. 

ඝාතනයට ලක්ව සිටියදී ඊයේ පස්වරුවේ සොයා ගැනුනේ තලගස්පිටිය අඹකොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්. 

දැරියගේ සිරුර හමුවූයේ ඇයගේ නිවසට යාබදව පිහිටි වත්තක වූ නිවසක් තුළයි. 

සිරුර හමුවන විට එය සම්පූර්ණයෙන් ඇඳ ඇතිරිලිවලින් ඔතා තිබුණු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. 

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර තිබෙනවා. 

අදාළ නිවසේ වත්තේ මුරකරු නැවතී සිට ඇති නමුත් සිරුර හමුවන විට ඔහු නිවස ආසන්නයේ සිට නැහැ. 

කෙසේ වෙතත්, දැරිය කිසියම් ලිංගික අපයෝජනයකට ලක්ව ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

මාවතගම පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

Post a Comment

 
Copyright © 2014 24x7 News. Designed by OddThemes