වකුගඩු ජාවාරම පිළිබදව තවත් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.එහි මහා මොලකරු ලෙස සැලකෙන සුරේෂ් ප‍්‍රජාපතිගෙන් ඉන්දීය පොලීසිය ප‍්‍රශ්න කර තිබෙනවා.ශ්‍රී‍්‍ර ලංකාවේ පෞද්ගලික රෝහල් කිහිපයක් පිළිබදව ඔහු එහිදී තොරතුරු ලබාදී ඇති බවයි ද හින්දු පුවත්පත පවසන්නේ.
වකුගඩු පරිත්‍යාග කරන පුද්ගලයන් සහ ඒවා ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙනුත් ඔහු තොරතුරු හෙළිකර තිබෙනවා. වකුගඩු ලබා ගන්නා පුද්ගලයන්ගෙන් අයකර ගන්නා මුදල රුපියල් ලක්ෂ 30 ඉක්මවන අතර ඉන් ලක්ෂ 5ක් තැරැව්කරුවන්ට ලබාදෙන බවත් සැකකරු සඳහන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.නවාතැන් පහසුකම් සම්බන්ධයෙන් ද ඔහු පොලීසියට තොරතුරු දුන් බව ද හින්දු පුවත්පත පවසයි

Post a Comment