ප්‍රධාන පුවත් සිරස්තල

Wednesday, January 27, 2016

මහින්දගේ මස්සිනා ජනපති කොමිසමට


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති හා හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ ගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීමට අද (28) බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණියේය.
2015 ජනපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී මූල්‍යමය පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව සාක්කි ලබාගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද කොමිසමට අද කැඳවා තිබූ නමුත් මෙතෙක් ඔහු පැමිණ සිටියේ නැත.
ස්වාධීන රූපවාහිනී හිටපු සභාපති අනුර සිරිවර්ධන හා නීතිඥ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ඒ වෙනුවෙන් කොමිසමට පැමිණ සිටියහ







Post a Comment

 
Copyright © 2014 24x7 News. Designed by OddThemes