ප්‍රධාන පුවත් සිරස්තල

Tuesday, January 26, 2016

ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමත් සමග කළබල



අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට අපහාස කිරීමේ චෝදනා යටතේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමග හෝමාගම උසාවිය අසළට පැමිණි භික්ෂුන් වහන්සේ පිරිසක් දැඩි විරෝධතාවක නිරත වුණා. පසුව බන්ධනාගාර රථය අවහිර කරමින් තවත් භික්ෂුන් වහන්සේ පිරිසක් බිම දිගාවි තම විරෝධය පළ කර තිබෙනවා.

තවත් පිරිසක් ගේට්ටුවෙන් උසාවිය ඇතුළට යෑමට උත්සාහ කළත් පොලිසිය දොරටු වසා දමා එම උත්සාහය ව්‍යර්ථ කර දැමුවා. කෙසේ වෙතත් ඉන් පසු භික්ෂුන් වහන්සේ පිරිසක් තාප්පයෙන් උසාවි භූමියට ඇතුළු වී තිබෙනවා.
නමුත් මේ සියලු විරෝධතා මධ්‍යයේ අධිකරණයේ දොරවල් වසා දමා අධිකරණ වැඩ කටයතු කරගෙන ගිය බවත් වාර්තා වනවා. දැඩි උණුසුම්කාරී තත්ත්ව මත පොලිසිය කැරළි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර විරෝධතාව දැක්වීමට පැමිණි එක් භික්ෂුවක් ක්ලාන්ත වූ අතර අනෙකුත් භික්ෂුන් වහන්සේ විසින් ක්ලාන්ත වූ භික්ෂුව ඔසවාගෙන ප්‍රථමාදාර ලබා දීම සඳහා රැගෙන ගොස් තිබුණා.

ඡායාරූප පහතින්..




Post a Comment

 
Copyright © 2014 24x7 News. Designed by OddThemes