ප්‍රධාන පුවත් සිරස්තල

Tuesday, January 26, 2016

රුපවාහිණී කළණ මිතුරා දෙන් බස්නාහිර ආවරණය කරයි


මෙතෙක් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ පමණක් විකාශය වූ ශ්‍රද්ධා ටීවී රූපවාහිනී නාලිකාව යූඑච්එෆ් 55 ඔස්සේ බස්නාහිර පළාතේ විකාශන කටයුතු පුළුල් කළ බව ශ්‍රද්ධා මාධ්‍ය ජාලය පවසයි.
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ පුණ්‍ය සංකල්පයක් අනුව බිහිවූ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය හරහා  මෙම දානය සිදුකරමින් ශ්‍රද්ධා ගුවන් විදුලිය හා ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව නම් කර ඇත්තේ සත්පුරුෂ මාධ්‍ය ජාලය නමිනි.
ජනවාරි 1 වැනිදා සිට බස්නාහිර පළාතේ කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය කරමින් සාමාන්‍ය නාලිකාවක් ලෙස විකාශය වන ශ්‍රද්ධා රූපවාහිනිය කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සිට සිය විකාශන කටයුතු මෙහෙයවයි...

Post a Comment

 
Copyright © 2014 24x7 News. Designed by OddThemes